10%
10% සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස
‘The Seven Moons Of Mooli Almeida කෘතිය විනිශ්චයකරුවන්ගේ විශේෂ අගැයුමට ලක්වූයේ එය ගවේෂණය කරන පරාසයත්, අමුතු, හාස්යමය ආඛ්යාන ක්රමවේදයත් නිසාය.' 2022 BOOKER PRIZE සම්මානය සන්ත්රාස සමයක සිර වූ ශ්රී ලංකාව පසුබිම් කරගත් සෝපහාස සංග්රහයක්. 1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි ඔහුට සිහිපත් නොවේ. කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ හොල්මන්, අවතාර පමණි. මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්,ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි. ජාත්යන්තර සම්මානලාභී Chinaman සමග ප්රමුඛ ශ්රී ලාංකික නිර්මාණකරුවෙකු ලෙස පිළිගැනීමට ලක් වූ ශෙහාන් කරුණාතිලක නැවත එන්නේ දශකයකට පසුවය. ඒ අපහසුකාරි ඇත්තක්, මූසල මුඛරිකමක දැවටූ දෙදරා යන කෘතියක් කැටුවයි. මුල් පිටපත Chats with The Dead නමින් එළිදැක්විණ
Email when stock available
- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
‘The Seven Moons Of Mooli Almeida කෘතිය විනිශ්චයකරුවන්ගේ විශේෂ අගැයුමට ලක්වූයේ එය ගවේෂණය කරන පරාසයත්, අමුතු, හාස්යමය ආඛ්යාන ක්රමවේදයත් නිසාය.' 2022 BOOKER PRIZE සම්මානය සන්ත්රාස සමයක සිර වූ ශ්රී ලංකාව පසුබිම් කරගත් සෝපහාස සංග්රහයක්. 1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි ඔහුට සිහිපත් නොවේ. කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ හොල්මන්, අවතාර පමණි. මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්,ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි. ජාත්යන්තර සම්මානලාභී Chinaman සමග ප්රමුඛ ශ්රී ලාංකික නිර්මාණකරුවෙකු ලෙස පිළිගැනීමට ලක් වූ ශෙහාන් කරුණාතිලක නැවත එන්නේ දශකයකට පසුවය. ඒ අපහසුකාරි ඇත්තක්, මූසල මුඛරිකමක දැවටූ දෙදරා යන කෘතියක් කැටුවයි. මුල් පිටපත Chats with The Dead නමින් එළිදැක්විණ
- Title
- සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස
- Availability
- Out of stock
- Categories
- නවකතා, පරිවර්තන
- Publisher
- sarasavi
- පිටු ගණන
- 488
- Tags
- Dileepa Abeysekara, sathsada nohoth maali almeidage hath dawasa, Shehan Karunathilake, The Seven Moons Of Mooli Almeida, සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස
Customer reviews are not available yet.





