You can contact us 24/7 +94 70 239 9003

පූස් ගෙදර ළමයි - Poose gedara lamai

රු800.00රු720.00
In Stock

ලිස්සයි, වැටෙයි වැටෙයි, එපා එපා... ඔයාට මේස් කුට්ටමක් අරන් දෙන්නම්." මනුස්ස ළමයින්ගේ අම්මා උඩ බලාගෙන කෑගහනවා. මනුස්ස ළමයින්ට, පුස් ළමයින්ට වගේ

KOKO/Mintpay Payment

SKU: 9786246625818

Categories: නවකතා

පාට තණකොළ වවපු මිදුලක් මැද තිබුණ තට්ටු දෙකේ උස ගෙදරක්. ඒ නිසා පුස් ළමයි වහලෙට නැගලා හරි ආඩම්බරෙන් වටපිට බලනවා. එතකොට වටේම තියන ගෙවල් වල වහල ලස්සනට පේනවා. වෙන ගෙදරක වහලයක් දිගේ මීයෙක් ගියත්. ලේනෙක්, කොබෙයියෙක් ගියත් අපුරුවට පේනවා. ඒත් වහලෙ උඩ ඇවිදින්න, වටපිටාවේ ලස්සන බලන්න මනුස්ස ළමයින්ගේ වැඩි කැමැත්තක් නෑ. පුස් ළමයි සෙල්ලම් කරන්න වහලේ උඩට මොනවා හරි අරන් ගිය දවසට, ඒ ගෙදර පිරිමි ළමයා, ටිකක් හයියෙන් මොනවද කිය කියා වහලෙට නගිනවා. " ලිස්සයි, වැටෙයි වැටෙයි, එපා එපා... ඔයාට මේස් කුට්ටමක් අරන් දෙන්නම්." මනුස්ස ළමයින්ගේ අම්මා උඩ බලාගෙන කෑගහනවා. මනුස්ස ළමයින්ට, පුස් ළමයින්ට වගේ උඩ නගින්න බැරි. ඒ ගොල්ලන්ගෙ අනවශ්‍ය පරිස්සම හින්දා වෙන්ට ඕනේ. එතකොට ඔය තට්ටු දෙකේ ගෙදර ඇත්තෝ උඩට නගින්නෙම නැද්ද? වහලෙට නැග්ගේ නැතුවට ඒ ගොල්ලෝ තරප්පු පේළිය දිගේ උඩ තට්ටුවට යනවා. තට්ටු දෙකේ ගෙදරක් නම් ඉතින් තරප්පු පේළියක් තියෙන්නම එපායැ. ඒත් උඩ තට්ටුවට නගින එක නම් ලේසි පහසු කාරියක් නෙවෙයි. හා! අපි ඉන්නකන් කොහොමද එච්චර ලේසියෙන් උඩ තට්ටුවට යන්නේ. ඒකට රාජකීය ඇත්තන්ගේ අවසරය ලබා ගන්න ඕනේ.හා හොඳයි පුළුවන් නම් යන එකයි ඇත්තේ. '

Title
පූස් ගෙදර ළමයි - Poose gedara lamai
Availability
In Stock
Categories
නවකතා
ISBN / GTIN
9786246625818
Tags
පූස් ගෙදර ළමයි - Poose gedara lamai, සුහර්ෂිණී ධර්මරත්න, 137 pages

පාට තණකොළ වවපු මිදුලක් මැද තිබුණ තට්ටු දෙකේ උස ගෙදරක්. ඒ නිසා පුස් ළමයි වහලෙට නැගලා හරි ආඩම්බරෙන් වටපිට බලනවා. එතකොට වටේම තියන ගෙවල් වල වහල ලස්සනට පේනවා. වෙන ගෙදරක වහලයක් දිගේ මීයෙක් ගියත්. ලේනෙක්, කොබෙයියෙක් ගියත් අපුරුවට පේනවා. ඒත් වහලෙ උඩ ඇවිදින්න, වටපිටාවේ ලස්සන බලන්න මනුස්ස ළමයින්ගේ වැඩි කැමැත්තක් නෑ. පුස් ළමයි සෙල්ලම් කරන්න වහලේ උඩට මොනවා හරි අරන් ගිය දවසට, ඒ ගෙදර පිරිමි ළමයා, ටිකක් හයියෙන් මොනවද කිය කියා වහලෙට නගිනවා. " ලිස්සයි, වැටෙයි වැටෙයි, එපා එපා... ඔයාට මේස් කුට්ටමක් අරන් දෙන්නම්." මනුස්ස ළමයින්ගේ අම්මා උඩ බලාගෙන කෑගහනවා. මනුස්ස ළමයින්ට, පුස් ළමයින්ට වගේ උඩ නගින්න බැරි. ඒ ගොල්ලන්ගෙ අනවශ්‍ය පරිස්සම හින්දා වෙන්ට ඕනේ. එතකොට ඔය තට්ටු දෙකේ ගෙදර ඇත්තෝ උඩට නගින්නෙම නැද්ද? වහලෙට නැග්ගේ නැතුවට ඒ ගොල්ලෝ තරප්පු පේළිය දිගේ උඩ තට්ටුවට යනවා. තට්ටු දෙකේ ගෙදරක් නම් ඉතින් තරප්පු පේළියක් තියෙන්නම එපායැ. ඒත් උඩ තට්ටුවට නගින එක නම් ලේසි පහසු කාරියක් නෙවෙයි. හා! අපි ඉන්නකන් කොහොමද එච්චර ලේසියෙන් උඩ තට්ටුවට යන්නේ. ඒකට රාජකීය ඇත්තන්ගේ අවසරය ලබා ගන්න ඕනේ.හා හොඳයි පුළුවන් නම් යන එකයි ඇත්තේ. '

Customer reviews are not available yet.

Related products