20%
15% බාබා X
මේ මහා ලිංග දෙවියන් වහන්සේගේ උපදෙස්. මම කරන්නේ උන්වහන්සේ මට කියන දේ ඔබට පැවසීම පමණයි. ඔබට එය තේරුණාද මාඝ් ? " ප්රතිමාව දෙස බලාගෙනම ඔහු සිඟන්නාගෙන් ඇසුවෙන් සිඟන්නා ද ඔහුගේ අත් එක්කාසු කොට වැඳ ගනිමින්, "තේරුණා,, තේරුණා..." යනුවෙන් දෙවරක් පැවසුවේය. බාබා, මහා ලිංග දෙවියන් ඔබට අණ කරනවා. ඔබේ ලිගුවේ තිබෙන සීනුව ගලවා මෙම ප්රතිමා ලිඟුවෙහි ගැටගසන්න. තරුණයා එසේ කියම මු කරන්නට යන්නේ කුමක්දැයි සිතූ බාබා කුමක් හෝ වේවා යැයි සිතමින් සීනුව ගලවා ප්රතිමාවේ ඉදිරියට ඉලිප්පී පෙනෙන ලෙස අඹා තිබුණු ලිඟුවේ එල්ලුවේය. ඉන්පසු තරුණයා දෙස ඇස් පිය ගසා, ඔබ කරන්නේ කුමක්දැයි' සංඥාවෙන් ඇසුවත් තරුණයා එයට කිසිවත් කීවේ නැත. ඒ තරුණයාගේ දෑස් තවමත් ප්රතිමාවට යා වී ඇත.
Email when stock available
- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
බාබා එම පිගාන අතට ගෙන එය ආකාශයට දිගු කර එම ආහාර වේල වෙනුවෙන් විශ්වයටත්, එම ශරීරය ආහාර වෙනුවෙන් දුන්නාවූ සත්වයාටහ් ස්තූති කලේය. "උබ කොපමන ආලෙක ඉදන් ඔය විදියට ස්තූති කරනවද?" තරුණයා බාබාගෙන් ඇසුවේය. "කුඩා කාලේ ඉදන්, මම මේක මගේ මවගෙන් පුරුදු වුනු දෙයක්" "එතකොට උබ කවදාවත්ම බඩගින්නේ ඉදලා නැද්ද?" "නැහැ, බඩගින්නේ ඉන්න සෑම මොහොතකම මට මොන විදියකින් හරි කෑම ඇබෙනවා, බලපන් අපි මේ පර්වතයට එද්දි අපිට කන්න මුකුත් තිබුනද, නැහැ.... එහෙත් මේ මහා විසාල ගල පිටුපස්සේ තියෙන සාර භූමීය අපිට පිහිට වුනේ නැද්ද? ඒ භූමීයේ ඉබේම වැවුනු අර්තාපල් මඤ්ඤොක්කා මේ සත්වයින් අපිට ආහාරයක් වුනේ නැද්ද? තරුණයාට කුසගිනි දැනුනේ නැත. සිත දැනුමින් පිරී යන විට කුසගින්නත් ඉබේම නැතිවී යනු ඔහුට දැනින. "වෙන්න පුළුවන් එහෙත් ඒක අහම්බයක් වෙන්න බැරිද?"ඔහු ඇසුවේය. "නැහැ .. අපිට ලැබෙන දේවල් වලට අපි ස්තූතී කරද්දී ඒ දේවල් අපිට තවත් වැඩි වැඩියෙන් ලැබෙනවා මිසක් කවදාවත් අඩු වෙන්නෑ, ඒක මම හොදාකාරවම දන්න දෙයක්" බාබා කීවේය.
- Title
- බාබා X
- Availability
- Out of stock
- Categories
- නවකතා, අපරාධ - Crimes
- Publisher
- පොත් මී - Poth Mee
- පිටු ගණන
- 284
- Tags
- Muthumudalige Nishshanka, මුතුමුදලිගේ නිශ්ශංක, POTH MEE, පොත් මී, baba-X, බාබා X
Customer reviews are not available yet.





