20%
20% මා නිදන්නට පෙර
මේ ලියන්නේ මා හැමදාමත් උදේට අවදි වූවා යැයි සිතිය හැකි නිවසේ, නාන කාමරයේ බිම හිඳගෙනය. මේ දිනපොත මා ඉදිරිපිටත්, මේ පෑන මගේ අතේත් ඇත. ඉතින් මම ලියමි. මට සිතාගන්නට හැක්කේ ලිවීම ගැන පමණක් වන බැවින් මම මෙය ලියමි. මා වටේටම ඇත්තේ ගුලි කර විසි කළ ටිෂූ ලේන්සුය. ඒ සියල්ල කඳුළුවලින් පෙගී ඇත. කඳුළුවලින් මෙන්ම ලේවලින්ද තෙත් වී ඇත. මා ඇසිපිය ගසන විට, මට පෙනෙන දර්ශනය රත් පැහැයට හැරෙයි. කොතරම් පිසදා දැමුවත්, තව තවත් ලේ බින්දු මගේ ඇසට කාන්දු වෙයි. කැඩපතින් බලද්දී, මගේ ඇසට ඉහළින් ඇති සම කැපී තිබෙන බව ම දුටුවෙමි. මගේ තොලත් පැළී ඇත. කෙළ ගිලින විට මගේ දිවට ලේ රස දැනෙයි. මට නිදාගන්නට උවමනාය. සතෙකු මෙන්, කොහේ හෝ ආරක්ෂාවක් ඇති තැනක් සොයාගෙන ඇස් පියාගන්නට උවමනාය. මා එබඳු දෙයක් පමණකි. ඔව්... මා සතෙකු පමණි. මා සිටින්නේ කොතැනදැයි වටහා ගන්නට තැත් කරමින් එක මොහොතින් මොහොතකට, දවසින් දවසට ජීවත් වෙන සතෙකු පමණකි.
Email when stock available
- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
කැඩපතින් පෙරළා මා දෙස බැලූ මුහුණ ද මගේ මුහුණ නොවීය! ඒ හිසකෙස් තුනීය. මගේ හිසකෙස් වලට වඩා කොටට කපා ඇත. කම්මුල්වලට පහළින් සම එල්ලා වැටී තිබිණ. දෙතොල් සිහින්ය. මුව දෙකෙළවරින් පහතට නැවී ගොසිනි. මගේ සිතට දැනුණු කම්පනයත්, බියත් වචන රහිත විලාපයක් වී මගේ මුවින් පිටට පැන්නේය. ඊළඟට මම ඒ දෙනෙත් දුටුවෙමි. ඇස් වටා සම රැලි වැටී ඇත. එහෙත් ඒ කොයි හැටි වුණත් ඒ මගේම දෑස බව මට හඳුනා ගන්නට හැකි විය. ඒ කැඩපතින් පෙනෙන පුද්ගලයා මාය. එහෙත් මගේ මේ වයස අවුරුදු විස්සට, ඒ පෙනුම නම් හොඳටෝම වයස වැඩිය. වයස අවුරුදු විසි පහකටත් වැඩිය.
- Title
- මා නිදන්නට පෙර
- Availability
- Out of stock
- Categories
- පරිවර්තන, Horror - ත්රාස්යජනක
- Publisher
- ග්රන්ථ සමාගම - Grantha (Pvt) Ltd
- පරිවර්තනය :
- නිම්මි මුදිතා හේරත් - Nimmi Muditha Herath
- පිටු ගණන
- 480
- Tags
- ma nidannata pera, Nimmi Muditha Herath, නිම්මි මුදිතා හේරත්, මා නිදන්නට පෙර
Customer reviews are not available yet.





