20%
20% මීෂා
අර්මේනියාවේ වැනර් ප්‍රදේශයේ සිදුවූ අමානුෂික ඝාතන දාමයෙන් සහා එමිලින්ගේ මරණයෙන් පසුව, "ගෝර්” ජීවත් ව සිටි නිවස මුළුමනින්ම ගිනිබත්ව විනාශ වි ගියේය. ගෝහා නම් වූ එම භයංකාර ආත්මය නිවසේ පිටුපස ඇති ඕක් ගසක් මත තනා තිබුණු "අට්ටාලමක්" තම වාසස්ථානය කොට ජීවත් වීමට පටන් ගත්තාය. ගෝහාගෙන්, නිවුන් සොහොයුරාගේ ජීවීතයට අනතුරක් වේ යැයි සිතූ ඇගේ මිත්තනිය ඇයගෙන් පොරොන්දුවක් ගත්තාය. ”ඇය කිසිම දිනෙක මෙම අට්ටාලය ඇති මායිමෙන් පිටතට නොපැමිණිය යුතුය.” කතාව පටන් ගන්නේ මෙතැන් සිටය. අතිශයින්ම භයංකාර වූත්, ගුප්ත, කුතුහලයෙන් පිරී ගිය මෙම වෘත්තාන්තය අර්මේනීයාවේ සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් මූලාශ්‍ර කොටගෙන ලියවී ඇත. මෙය ගෝහාර් පොතේ තවත් කොටසක් නොව "වෙනම” පොතකි.
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
"දිනක් සංවිධානයේ කාර්යක් උදෙසා වැනඩ්සෝර් බලා යමින් සිටි මොහොතක මට ගැහැනු ලමයෙකුව මුන ගැසින. ඇයත් මමත් වහානයේ පිටුපස ආසනයේ හිදගෙන සිටියෙමු. යෙරෙවානයත් වැනඩ්සෝර් පලාතත් අතර පැය දෙකක පමන ගමන් කාලයක් වූයෙන් එහි පාළුව මකා ගැනීම උදෙසා අපි එකිනෙකා හා කතාවට වැටුනෙමු. ඇය "ඇමෙරිකානූ සරනාගත සංවිධානයේ ක්රීයාකාරිනියක" බවත් මේ විදේශයක ඈ ගතකරන තෙවැනි වසර බවත් පැවසූ ඇය, ඇගේ නම "පේජ් ඇන්ඩර්සන්" ලෙස මා හට හදුන්වා දුන්නාය. එතැන් සිට අපි කුළුපගු මිතුරන් බවට පත් වුනෙමු. මා වඩාත් ප්‍රිය කරන රන් වන් පැහැ කොන්ඩයකින්ද, කොල පැහැ දෙනෙතකින්ද ඈ යුක්ත විය. ඇගේ සිනහවත් මගේ බිරිදගේ සිනහව මෙන් අලංකාරවත් සිනහවක් වූයෙන් මා ඇයට ආදරය කරන්නට පටන් ගත්තෙමි. අපි සති දෙකක කාලයක් වැනඩ්සෝර් වල ගත කලෙමු. වැනඩ්සෝර් කදු පන්ති දෙස බලාගෙන, කූඩාරම් තුල සන්ධ්‍යාවත් රාත්‍රියත් ගත කලෙමු. එවන් මොහොතක මා ඇගෙන් ප්‍රශ්නයක් ඇසුවෙමි. "මේ වසර තුන ඇතුලත ඔබේ ජීවීතයේ අමතකම නොවන සිදුවීම කුමක්ද?" මා එසේ අසද්දි සිගරට්ටුවක් දල්වා ගත් ඈ, මවා ගත් සිනහවකුත් සමග අතීතය මෙනෙහි කරන්නට වූවාය. "ගැහැනු ළමයි දෙන්නෙක්" ඇය කීවාය. "ඉතින්" "2018 මම ජොර්ජියානු දේශ සීමාවේ වැඩ කරද්දි මට මුන ගැහුනා අර්මේනීයාවේ හිදන් ජෝර්ජියාවට පලා යන ගැහැනු ලමයින් දෙන්නෙක්ව, එක්කෙනෙක් වයස අවුරුදු 10යක අන්ධ කෙල්ලෙක්, අනිත් කෙනා එයාගෙම අක්කා" "අන්ධ ගැහැනු ළමයෙක්" "ඔව්, අන්ධ ගැහැනු ළමයෙක්, තිරිසනෙක් ඒ පුංචි කෙල්ලගේ.......... " ඇය කතාව කියන්නට පටන් ගත්තාය. එය අසා සිටිනවිට වචනයෙන් විස්තර කල නොහැකි තරම් වූ සංවේගයකින් මා දරීද්රව ගියෙමී. මගේ දෑස් කදුලින් තෙත් වන්නට විය. ඇයට හොරෙන් මා කිහිප වරක්ම අඩන්නටද ඇත. පිරිමියෙක් වූ මගේ දෙනෙතට කදුළු උනන්නට තරම් සමත් වූ ඒ කතාව නිසා ඈ මෙතෙක් කල් කොපමන අඩන්නට ඇත්ද? ඇය කතාව කියා අවසන් වූ පසුව මා ඇයගේ දෙනෙත් දෙස පරික්ෂාකාරීව බැලුයෙමි. ඒ දෙනෙත් තුල කදුළු නොවීය. ඈ සිගරට් පහක් පමන එක දිගට පුච්චා ඒ කදුලුත් දුමත් සමග විසිකර දමන්නට ඇතැයි මා සිතුවෙමි. "ඔබට ඒ ගැන දුකක් නැද්ද? මා ඇගෙන් ඇසිමි. "තියෙනවා" ඈ මට කීවාය. "ඒ නිසාමයි මම මේ තරම් දුකක් විදගෙන අදටත් සරණාගතයින් වෙනුවෙන් වැඩ කරන්නේ" කී ඇය දිලිසෙන කොලපැහෑ දෑසින් මා දෙස බලා සිටියාය. එහින් දින කිහිපයකට පසුව ඇයත් මාත් වෙන් විය. එහෙත් ඇය විසින් කියූ ඒ කතාව මගේ මනස තුල සදාතනකින් මතකයක් ලෙස තැන්පත් විය. "මීෂා" ලියද්දි එයට වස්තු බීජය ලෙස නිරායාසයෙන්ම මගේ මනස තුල මැවුනේ එම කතාවයි. මා හට අමතක නොවුනු, මා සංවේගයට පත් කල එම කතාව ඔබ අතටත් පත් වෙනු ඇත. මට මෙන්ම එය ඔබටත් අමතක නොවනු ඇත. මා එය විශ්වාස කරමී. - මුතුමුදලිගේ නිශ්ශංක-
- Title
- මීෂා
- Availability
- In Stock
- Categories
- නවකතා, Horror - ත්‍රාස්‍යජනක
- Publisher
- පොත් මී - Poth Mee
- පිටු ගණන
- 330
- Tags
- Muthumudalige Nishshanka, මුතුමුදලිගේ නිශ්ශංක, meesha, POTH MEE, පොත් මී, මීෂා
Customer reviews are not available yet.





