20%
20% මේ අත කාගෙද
"කැප්ටන් " ඔහු යෙරාජ්ට සැලියුටයකින් ආචාර කොට එතැන නුදුරේ ම වූ බස්නැවතුමේ නවත්වා තිබුණු බස් රථයක් දෙසට අත දිගු කළේය. ශීතල නිසා වැනෙමින් සිටියාක් සේම ඔහුගේ මුහුණේ ඇත්තේ ද කැලැඹීමකි. ඔහු වචන පිට කළේ අවිස්වාසයෙන් සහා එම කැලඹීමෙන් යුතුවය. "අතක් කැප්ටන් " ඔහු කීවේය. ආධුනික සාජන්වරයාගේ කැලැඹීම දුටු යෙරාජ්ගේ නළල රැලි ගැසී ගියේය. ඔහු කියන්නේ කුමක් දැයි යෙරාට වැටහුණේ නැත. "මොකක්?" "කැප්ටන් අපිට අතක් හම්බුණා අර බස් එකෙන් " සාජන්ට්වරයා යළිත් කීවේය. එවර ද සාජන්වරයා කියන්නට තටමන්නේ කුමක් දැයි යෙරාජ්ට නොවැටුණෙන් ඔහු තම සගයා ඉදිරියේ සෘජුව ම හිට ගත්තේය. යෙරාජ් මඳක් කොට කෙට්ටු සිරුරකින් යුක්ත අයකු වුවත් ඔහුගේ මුහුණේ ඇත්තේ දැඩි බැල්මකි. "මොන අතක් ද, තමුන් මොනවද කියන්නේ, හරියට කියනවා... ඇයි මොකක්ද වුණේ ? " "හරි කැප්ටන් හරි..'' ආධුනික සාජන්වරයා සංසුන් වීමට යත්න දැරීය. "මම මෙතැන රාජකාරී කරමින් හිටියේ.. එතකොට මට ඇහුණා අර බස් එකෙන් " කී ඔහු අත යළිත් බස් නැවතුමේ නවත්වා ඇති සුදු පැහැ බස්රථයකට දිගු කළේය. "ඔව්... ඒ බස් එකේ තමයි... මට ඇහුණා ඒ බස් එක පැත්තෙන් කෑ ගැසිල්ලක්... ඉතින් මම ඒ පැත්තට දුවන් ගියා. මම එතැනට යද්දිත් බස් එකේ ඩ්රයිවර්.....
Email when stock available
- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
එස්ටෝනියාව එන්න අපි එස්ටෝනියාවට යමු! මේ කතාව පටන් ගන්නේ එස්ටෝනියාවේ පැරණිතම නගරයක් වන “කෙයිලා”වලින්. මේ නගරයේ ඉතිහාසය ක්රිස්තු පූර්ව දහයකටත් එහා දිව යන්නක්. ඒ කියන්නේ ක්රිස්තුස් වහන්සේ ඉපදෙන්නත් කලින් හදාපු දේවස්ථානවල නටබුන් පවා මෙම නගරය තුළ දි ඔබට දැකගන්න පුළුවන්. එහෙත් මෙය කුඩා නගරයක් නොවෙයි; මිනිසුන් දස දහසකට අධික ප්රමාණයක් ජීවත්වන මඳක් විශාල නමුත් අනිකුත් එස්ටෝනියානු නගරවලට වඩා ඓතිහාසික වටිනාකමින් යුත් නගරයක්. හරි අපි දැන් කතාව පටන් ගමු.
- Title
- මේ අත කාගෙද
- Availability
- Out of stock
- Categories
- නවකතා, Horror - ත්රාස්යජනක
- Publisher
- පොත් මී - Poth Mee
- පිටු ගණන
- 300
- Tags
- Muthumudalige Nishshanka, මුතුමුදලිගේ නිශ්ශංක, POTH MEE, පොත් මී, me atha kageda, මේ අත කාගෙද
Customer reviews are not available yet.





