10%
10% එළියකන්ද වධ කඳවුර - Aliyakandha Wada Kadhaura
1990 දී රට හැර දා ගියාට පසු මා නැවත මව් බිමට පැමිණියේ 2001 දී පුරා වසර 10 කට පසුවය. යම් අවිනිශ්චිත හැඟුම් සමුදායක් හදවතේ පොර කද්දී වුව මව්ව්බිමට ගිය වහාම මා යායුතු ගමන් දෙකක් ගැන මට සෑම තත්පරයක දීම සිහි විය. පළමුවැන්න අම්මා නිදන සොහොනට ගොස් මල් මිටක් පුදා දණ ගසා වැඳීමය. දෙවැන්න මා දරුණු ව ධ යට ලක්වූ එළියකන්ද ව ධ කඳවුර ' පිහිටි ප්රදේශය දැකබලා ගැනීමය. මව් බිමට ගිය දිනට පසුවදාම අම්මාගේ සොහොනට ගිය මම අවසන් වරට ඇයගේ දෙපා වැඳීමටවත් වරම් නොලද අවාසනාවන්ත පුතුට සමාව දෙන්නැයි ඉල්ලා සිටියෙමි. මගේ හොඳ අම්මා, පෙරදී කළාක් මෙන්ම ඇයගේ මුරණ්ඩු, හිතුවක්කාර පුතුට සමාව දෙන්නට ඇත. ඉන්පසුව මගේ ඉලක්කය වූයේ එළියකන්ද ව ධ කඳවුර සොයා යාමය. එහෙත් එළියකන්ද ව ධ කඳවුරෙහි මා රඳවා සිටි මුළු කාලයේදීම මගේ දෙනෙත වසා රෙදිකඩක් බැඳ තිබුණෙන් එය පිහිටි ස්ථානය ගැන මම කිසිත් දැන නොසිටියෙමි. දෛවයෝගයකින් මෙන් මට සුදු මල්ලී' (ආරූඪ නමකි) හමු වූයේ මේ අතරය.
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
රෝහිත මුණසිංහ 1989 නොවැම්බර් 14 වැනි දින යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලදුව වැලිගම යුද හමුදා කඳවුර, මාතර එළියකන්ද වධකාගාරය, බුස්ස රැඳවුම් කඳවුර, කොග්ගල පුනරුත්ථාපන කඳවුර යන ස්ථානවල වසරක් පමණ කොටු වී සිට, 1991 දී ප්රංශයට පැමිණ ප්රංශ රජයෙන් දේශපාලන රැකවරණ ලබා ගත්තේ ය. හමුදා කඳවුරේ දී හා වධකාගාරයේ දී සිදු වු සියලු මිලේච්ඡ ක්රියා හා ඝාතන ගැන බූස්ස රැඳවුම් කඳවුරට පැමිණි ජාත්යන්තර රතු කුරුස සංවිධානයට හෙළිදරව් කළ ඔහු ප්රංශයට පැමිණි වහා ම ජාත්යන්තර ක්ෂමා ආයතනයට ද සියල්ල හෙළිදරව් කළේ ය. එළියකන්ද වධ කඳවුර නම් වු ඔහු ගේ මේ කෘතියට අන්තර්ගත වන්නේ භිෂණ යුගය යයි නම් දැරූ අඳුරු කාල පරිච්ජේදයේ දී හමුදා කඳවුර තුළ ද, වධකාගාර තුළ ද, සිදුවු අමානුෂික අප්රකට සිදුවීම් පිළිබඳ අන්තවාදී නො වු දෘෂ්ටියකින් කරන මධ්යස්ථ විග්රහයකි. ප්රසන්න ලේඛන ශෛලියකින් බස හසුරවන රෝහිත මුණසිංහ නම් අපූරු ලේඛකයා ගේ ආධ්යාත්මය, මේ ග්රන්ථය වෙතින් ද දැකිය හැකි ය.
- Title
- එළියකන්ද වධ කඳවුර - Aliyakandha Wada Kadhaura
- Availability
- In Stock
- Categories
- Uncategorized, විවිධ, දේශපාලන - Politics
- Publisher
- Samudra Book Publishers
- පිටු ගණන
- 248
- Tags
- SriLankanLiterature, aliyakandha wada kadhaura, human rights, Rohitha Munasinghe, Sarasavi publishers, Sri Lankan history, torture camp, රෝහිත මුණසිංහ
Customer reviews are not available yet.











