20%
20% කෝටිපතියෙකු වීමට නම් - Secrets of the Millionaire Mind
මුදල් පිළිබඳ සැලැස්මක් අප ජීවත්වන ලෝකය පිළිබඳව අපට මනා වැටහීමක් තිබීම අවශ්යය. මේ ලෝකයේ උඩ යට, එළිය අඳුර, වම දකුණ යන දෙපාර්ශ්වයක් පිළිබඳ න්යායයක් ක්රියාත්මක වනු වබට දැකිය හැක ඔබේ අරමුණ කුමක් වුවත් එය ඉටු කර ගැනීමට මෙම තාපය පිළිබඳ අවබෝධය වැදගත් වේ. ඔබේ අරමුණ කෝටිපතියෙකු වීම වන විට, මුදල් පිළිබඳ කාර්ය සැලැස්මත් ඔබ සතු වීම අවශ්ය වෙයි. ඒ සැලැස්මට අභ්යන්තර මෙන්ම බාහිර කාරණා ද ඇතුළත් වෙයි. අභ්යන්තර කාරණා වලට ඇතුළත් වන්නේ ඔබේ සිතුවිලි හා හැඟීමය. බාහිර කාරණා වන්නේ ව්යාපාරික දැනුම, මුදල් කළමනා කරණය, ආයෝජන උපාය මාර්ග ආදිය වෙයි. සාර්ථකත්වය සඳහා නිසි වේලාවට, නිසි තැන සිටිය යුතු බව තියැවේ. එහෙත් මගේ අදහස වන්නේ නිසි පුද්ගලයා, නිසි වෙලාවට. නිසි තැන සිටිය යුතු බවය. නිසි පුද්ගලයා යනු කවරෙක් ද...? පහත දැක්වෙන ප්රශ්න වලට පිළිතුරු සැපයීමේ දී නිසි පුද්ගලයා කවරෙක් ද යන්න හෙළි වේ. ඔබ සිතන්නේ කෙසේ ද...? ඔබේ විශ්වාස කවරේ ද.....? ඔබේ පුරුදු හා ගති ගුණ කවරේද...? ඔබ ගැන ඔබට හැඟෙන්නේ කෙසේද...? ඔබ ගැන ඔබට විශ්වාසයක් තිබේද....? ඔබ අන් අය සමග යහපත් සබඳතා පවත්වන්නේ ද..? ඔබ අන් අය කවර ප්රමාණයකට විශ්වාස කරන්නේ ද...? ඔබ ධනවත් විය යුතු යයි සැබවින්ම ඔබට හැඟෙන්නේ ද... ? බියක් තිබිය දී, කනස්සල්ලක් තිබිය දී, අපහසුකමක් තිබිය දී. වේදනාවක් තිබිය දී ක්රියාකාරීව සිටීමට ඔබට ඇති හැකියාව කුමක් ද...?
Email when stock available
- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
Secrets of the Millionaire Mind' නමැති ග්රන්ථය T. Harv Eker නමැති අමෙරිකන් ජාතික කෝටිපති ව්යාපාරිකයෙකුගේ කෘතියකි. ඔහු තරුණ කාලයේ දී ම ව්යාපාර ක්ෂේත්රයට පිවිස. ඒ පිළිබඳ අත්දැකීම් ලැබුවෙකි. අසාර්ථකත්වය හා සාර්ථකත්වය යන දෙපැත්ත පිළිබඳවම ප්රායෝගික අත්දැකීම් ලැබූවෙකි. වර්ෂ දහයක් පමණ වන තෙක් ඔහුගේ ව්යාපාර කටයුතු ප්රමාණවත් තත්ත්වයකට වර්ධනය නොවීම පිළිබඳව විමංසනාත්මකව කරුණු සොයා බැලීමට ඔහුට අවශ්ය විය. එහි ප්රතිඵලය වූයේ, ව්යාපාර සාර්ථක කර ගැනීම සඳහා මාර්ගෝපදේශ සපයන ආයතනයක් බිහිවීමයි. 2000 වර්ෂයේ සිට ඔහු මුළු අමෙරිකාව පුරාම සම්මන්ත්රණ පවත්වමින් යම් පණිවුඩයක් ලබා දුන්නේය. ඔහුගේ දේශන වලට සවන් දීමට ඈත රටවලින් ද ව්යාපාරිකයෝ පැමිණෙන්නට වූහ. මොහුගේ විශේෂත්වය වන්නේ ව්යාපාරික ඥානයට මුදල් කළමනා කරණය, මුදල් ආයෝජනය හා ව්යාපාරික කුටෝපායයන් පමණක් නොව තම මනස යෝග්ය පරිදි සකස් කර ගැනීම ද අවශ්ය බව තර්කානුකූලව පෙන්වා දීමයි. කෝටිපතියෙකුගේ මනසක් නොමැතිව, කිසි විටෙක කෝටිපතියෙකු විය නොහැක යන්න ඔහුගේ උගැන්වීම විය. ඔහුගේ සම්මන්ත්රණ වල දී ඔහු කියා දුන් කරුණු පොතකට ඇතුළත් කිරීමට ඔහුට අවශ්ය විය. මෙම ග්රන්ථය එහි ප්රතිඵලයයි. මෙම ග්රන්ථය ලොව පුරා කෙතරම් විකිණෙන්නේ ද යත්, මෙම ග්රන්ථයම ඔහු කෝටිපතියෙකු කිරීමට සමත් වීම ද විශේෂ කරුණකි.
- Title
- කෝටිපතියෙකු වීමට නම් - Secrets of the Millionaire Mind
- Availability
- Out of stock
- Categories
- පරිවර්තන, Inspiration international books, Motivation
- Publisher
- පහන් ප්රකාශන - Pahan Prakashana
- පරිවර්තනය :
- Sirisena Rathnayake
- පිටු ගණන
- 132
- Tags
- Sirisena Rathnayake, kotipathiyeku weemata nam, කෝටිපතියෙකු වීමට නම්
Customer reviews are not available yet.





