You can contact us 24/7 +94 70 239 9003

ලොකුවට සිතන්න Lokuwata sithanna The magic of thinking big

රු1,200.00රු960.00
In Stock

ඔබට එය සාර්ථකව කළ හැක. ඒ බවට තරයේ විශ්වාස කරන්න. සාර්ථකත්වය අරුම පුදුම සාධනීය ධර්මතාවකි. පුද්ගලයන් ගැන සලකා බලන විට සාර්ථකත්වය යනු තම තමන්ගේ සමෘධිය අත්කර ගැනීමකි. සමාධිය තුළ බොහෝ දෑ ඇත. සුවපහසු නිවසක හිමිකාරත්වය, විනෝදය සඳහා සංචාරවල යෙදීමට ඇති හැකියාව නවීන පන්නයේ බඩු භාණ්ඩ මිලදී ගැනීමට ඇති හැකියාව. මුදල් අග හිඟයක් නොමැති බව තම තමන්ගේ දරුවන්ට උපරිම වශයෙන් අවශ්‍ය පහසුකම් ලබාදීමට හැකිවිම වැනි කාරණ ඒ අතර වෙයි. සමාජය තුළ සම්භාවනාවට පාත්‍ර වීම, සුදුසු තන්හි නායකත්වය ලැබීම සහ ඔබේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ මෙන්ම ඔබ ඇසුරු කරන්නන් ඔබ කෙරෙහි බලාපොරොත්තු තබා ගැනීම ද ඔබේ සාර්ථකත්වයේ අත්‍යවශ්‍ය ලක්ෂණ වෙයි. සාර්ථකත්වය යනු නිදහස අත්කර ගැනීමකි. කනස්සල්ලෙන්, බියෙන්, කලකිරීමෙන් සහ අසමර්ථතාවන්ගෙන් තොර වීම ඔබ අත්කර ගන්නා නිදහස වෙයි. සාර්ථකත්වය ජීවිතය පුරා අඛණ්ඩ සංහිඳියාවත් සහ සතුටක් අත්කර දෙයි. එමෙන්ම ඔබෙන් යැපෙන්නන්ට අර්ථවත් යමක් කර දීමට ඔබ සතු හැකියාව ද තහවුරු කර දෙයි. කෙටියෙන් කියතොත් සාර්ථකත්වය යනු ඔබේ ජයග්‍රහණ වෙයි. සාර්ථකත්වය නැතහොත් ජයග්‍රහණ අත්කර ගැනීම ජීවිතයේ අරමුණ වෙයි.

KOKO/Mintpay Payment

SKU: 28687

Categories: පරිවර්තන, Motivation, International bestseller

ලොකුවට සිතන්න" යන මෙම පොත අමෙරිකානු ජාතික මහාචාර්ය වරයෙකු වන DAVID SCHWARTZ ගේ THE MAGIC OF THINKING BIG යන ග්‍රන්ථයේ පර්වර්තනයකි. මෙම ග්‍රන්ථය ලොව පුරා මිලියන දහයක් ඉක්මවා විකිණී ඇති සාධනීය චින්තනය (POSITIVE THINKING) අතින් අගනා නිර්මාණයකි. සියල්ලටම මුල වන්නේ සිත බව අපි දනිමු. එහෙත් ඒ සිතෙන් නිසි ඵල ප්‍රයෝජන අත්කර ගැනීමට අපි අසමත් වී සිටිමු. මේ පොතින් කියා දෙන්නේ සිතෙන් උපරිම ඵල ප්‍රයෝජන ගත හැකි ආකාරයය. වෙනත් වචන වලින් කිවහොත් සාර්ථකත්වයේ සැබෑ රහස කුමක් ද යන්න හෙළි කිරීමය. ප්‍රීතිමත් ලෞකික ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරුණු කාරණා බොහෝ වෙයි. ඒ අතරින් ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීම, සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීම සහ සමාජය තුළ ප්‍රයෝජනවත් මනුෂ්‍යයකුගේ කාර්යභාරය ඉටු කිරීමට හැකිවීම යන කාරණා ගැන බෙහෙවින් වැදගත් වෙයි. එකී කාරණා නිසි අයුරින් කළමනා කරණය කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ මෙහි අඩංගු වී ඇත. ඒවා සත්‍ය සිද්ධි ආශ්‍රයෙන් පැහැදිලි කිරීමක් දැකිය හැක. සාර්ථකත්වය සඳහා ලොකුවට සිතීම අවශ්‍ය බව කතුවරයාගේ අදහස වෙයි. සිතීම ගැන අපට යම් අවබෝධයක් ඇතත් ලොකුවට සිතන්නේ කෙසේද? ලොකුවට සිතීමේ ප්‍රතිඵල කවරේ ද? යන්න දැන ගත හැකි වන්නේ මේ පොත කියවීමෙන් පමණි. ඔබ දැනටමත් ලොකුවට සිතනවා විය හැක. ඒ ගැන සැක හැර දැන ගැනීමට අවශ්‍යතාවක් ඇත්නම් මේ පොත කියවා බලන්න. මේ කාලයේ අප රට තුළ ඉහළ අධ්‍යාපනයක් ලැබීම කෙරෙහි බලවත් උනන්දුවක් ඇත.

Title
ලොකුවට සිතන්න Lokuwata sithanna The magic of thinking big
Availability
In Stock
Categories
පරිවර්තන, Motivation, International bestseller
Publisher
පහන් ප්‍රකාශන - Pahan Prakashana
පරිවර්තනය :
Sirisena Rathnayake
පිටු ගණන
228
Tags
Sirisena Rathnayake, Lokuwata sithanna, ලොකුවට සිතන්න

Customer reviews are not available yet.

Related products