You can contact us 24/7 +94 70 239 9003

බැස්කර්විල් දඩ බල්ලා - Baskervilles dhada balla

රු1,000.00රු900.00
In Stock

සර් ආතර් කොනන් ඩොයිල් බැස්කල් දඩ බල්ලා සර් ආතර් කොනන් ඩොයිල් ගේ රහස් පරික්ෂක නව කථා අතුරෙන් මෙය ඉතා ම ප්‍රකට හා අතිශයින් ම ත්‍රාස ජනක නව කථාවය. රාත්‍රී කාලයෙහි මුඩු බිමෙහි අවතාරයක් මෙන් සැරි සරන භීෂණාත්මක දඩ බල්ලකු පිළිබඳ ලොමු දැහැගැන්වෙන මෙම නව කථාවට පසු බිම වී ඇත්තේ. බැස්කවිල් පරම්පරාවේ භයංකර පුරාවෘත්තයකි. රහස් පරීක්‍ෂක ෂර්ලොක් හෝම්ස් මේ අබිරහස් මිනී මැරුම අනාවරණය කරන්නේ පාඨකයා භීතියෙන් හා ත්‍රාසයෙන් කම්පා කරවමිනි.  

KOKO/Mintpay Payment

SKU: 28587

Categories: පරිවර්තන, Horror - ත්‍රාස්‍යජනක, රහස් පරීක්ෂණ කතා

" මට පෙනෙන විදියට, ඔහු පසින් බොහෝ සේ ගමන් කරන ගම් බද දොස්තර කෙනෙකු හැටියටත් මට හිතන්න පුළුවන්." " ඇයි එහෙම කියන්නෙ? " '' මම එහෙම කියන්නෙ මේ බස්තම මුලින් බොහෝ ම ලස්සනට තියෙන්න ඇති වුණාට, දැන් ඒ ඒ තැන කොච්චර හැපිලා වැදිලා තියෙනවා ද කිවුවොත්, නාගරික දොකර කෙනෙකු මේක පාවිච්චි කරන්න ඇති යි කියලා හිතන්න අමාරු හින්දා. මේ ගන යකඩ විල්ල ගෙවිලා ගිහිල්ලා. ඉතින් ඒකෙන් පේනවා ඔහු මේකත් අරගෙන හුඟක් ඇවිදලා තියෙන බව." " හරියට ම හරි ! '' යි හෝම්ස් කීවේ ය. '' තවත් කාරණාවක් තියෙනවා. මේකෙ තියෙනවා ' සී. සී. එච්. හි මිතුරන්' කියලා. ඒක නිසා මේක දඩයමට සම්බන්ධ සංවිධානයක යම් කිසි දෙයක් කියලා මම අනුමාන කරනවා. ප්‍රාදේශීය දඩයම් සංවිධානයේ සාමාජිකයන්ට ඔහු මොකක් හරි ශල්‍ය වෛද්‍ය උපකාරයක් කරන්න ඇති. ඉතින් ඒ ගොල්ලොත් ඒ වෙනුවට පොඩි පරිත්‍යාගයක් කරන්න ඇති.'' ' ඇත්තට ම වොට්සන්, ඔබ නම් අති විශිෂ්ට යි! '' යි පුටුව පිටු පසට තල්ලු කර, සිගරැට්ටුවක් දල්වා ගනිමින් හෝම්ස් කීය. '' මගේ සුළු සුළු දස් කම් ගැන ඔබ දී තිබෙන සියලු ම වාර්තාවල දි, ඔබ නිරන්තරයෙන්ම ඔබේ දස් කම් අවතක් සේරුවට භාජන කරලා තියෙන බව මම කියන්න ඕන. ඔබ ඔබේ ම බලයෙන් බැබළෙනවා නොවෙන්න පුළුවන්. ඒ වුණාට ඔබ ආලෝකය ගෙන යන සන්නායකයක්. සමහර මිනිස්සුන්ට ශ්‍රේෂ්ඨ බුද්ධි ප්‍රභාවක් නැති වුණත් එවැන්නක් උත්තේජනය කිරීමේ අපූර්ව ශක්තියක් තියෙනවා. මම ඇත්තම කියන්න ඕන යාළුවා, මම ඔබට ඉතා ම ණය ගැතියි. '' ඔහු මෙ වැන්නක් මීට පෙර කිසි කලෙක කියා තිබුණේ නැත. එම නිසා ඔහු ගේ වචන වලින් මා තුළ අසීමිත ප්‍රීතියක් පහළ වූ බව කිව යුතූය.  

Title
බැස්කර්විල් දඩ බල්ලා - Baskervilles dhada balla
Availability
In Stock
Categories
පරිවර්තන, Horror - ත්‍රාස්‍යජනක, රහස් පරීක්ෂණ කතා
Publisher
දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody
පිටු ගණන
298
පරිවර්තනය :
K.G. Karunathilake
Tags
ආචාර්ය කේ. ජී. කරුණාතිලක, Baskervilles dhada balla, බැස්කර්විල් දඩ බල්ලා

Customer reviews are not available yet.

Related products